/* Blogger Zoom Gallery By saamgeadaviya.blogspot.com ul.thumb { float: left; list-style: none; margin: 0; padding: 10px; width: 360px; } ul.thumb li { margin: 0; padding: 5px; float: left; position: relative; /* Set the absolute positioning base coordinate */ width: 110px; height: 110px; } ul.thumb li img { width: 100px; height: 100px; /* Set the small thumbnail size */ -ms-interpolation-mode: bicubic; /* IE Fix for Bicubic Scaling */ border: 1px solid #ddd; padding: 5px; background: #f0f0f0; position: absolute; left: 0; top: 0; } ul.thumb li img.hover { background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDkxtQp1fMxbQbQJP3ZWmTCBKj-0wr9EeMR7SktoI5CGL09rmD-_jHXAKOJt0rYv3Tj06gEKX9obNAgDC6vnbRN1e1FJHkjh0En3NcLoyy-ZvS8TWJ3XDLD3nTyH_vlNU52Jdu4mUAyFcp/) no-repeat center center; /* Image used as background on hover effect border: none; /* Get rid of border on hover */ }

Saturday, November 5, 2011

අදත් වැසි සහිත කාලගුණයක්

අද (05) උදෑසන කාලයේ දී බස්නාහිර, උතුරු හා නැඟෙනහිර පළාත්වලට කඩින්කඩ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් පළාත්වලට තද වැසි ද ඇති විය හැකිය.

ශ්‍රී ලංකාව අවසන් ටෙස්ට් තරගයේ අභියෝගය අබියස

sl v pak sanga centuryඅද (03) සාජාහි ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ ආරම්භ වූ ශ්‍රී ලංකා - පකිස්තාන තෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ නායක ටී.එම්. ඩිල්ශාන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අබුඩාබිහි දී පැවති පළමු තරගය ජයපරාජයෙන් තොර ව අවසන් වූයේ එහි සියලු ගෞරවයන් පකිස්තාන පිල අත්කර ගනිමිනි. දෙවන තරගය ඩුබායිහි දී පැවැති අතර එය කඩුලු 9කින් ජය ගැනීමට පකිස්තානය සමත්විය. අවසන් තරගය අද ආරම්භ වූයේ සාජාහි දී ය.

1- 0 ලෙසින් පවතින තරගාවලියේ ප්‍රතිඵල 1 - 1 ලෙස ජයපරාජයෙන් තොර ව නිම කරගැනීමේ අභියෝගය ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තිබේ. එය 2 - 0 ලෙස අවසන් කරගෙන තරගාවලියේ ජයග්‍රහණය ලබන්නට පකිස්තානය සියලු උත්සාහයන් දරන බව නොරහසකි.

තත්ත්වය එසේ වුවත් අද තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පිල සාර්ථක ඉනිමක් ගොඩනඟමින් සිටින බව පෙනේ.

පසුගිය තරග රැසක දී ම ලකුණු අතරට ඒමට අපොහොසත් වූ නායක ඩිල්ශාන් අද ලකුණු 92ක් රැස්කර ගත් අතර කුමාර් සංගක්කාර හතරේ පහර 11ක් හා හයේ පහර දෙකක් සමඟින් සිය 27 වන ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 112ක් ලබා සිටී. මහේල ජයවර්ධන ද ලකුණු 32ක් ලබාගෙන නොදැවී සිටී.

ටෙස්ට් තරග 103ක දී ලකුණු 9000 ඉක්මවමින් කුමාර් සංගක්කාර අද වාර්තාවක් ද පිහිටෙව්වේ ය. මේ තරගාවලියේ දී සංගක්කාර රැස්කර ඇති ලකුණු ගණන 433කි.

අද තරගය නිමා වූයේ කඩුලු 2කට ලකුණු 245ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිමට ස්ථාවරත්වයක් ගොඩනඟා ගනිමිනි.

Friday, November 4, 2011

ශ්‍රී ලංකාව අවසන් ටෙස්ට් තරගයේ අභියෝගය අබියස

sl v pak sanga centuryඅද (03) සාජාහි ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ ආරම්භ වූ ශ්‍රී ලංකා - පකිස්තාන තෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ නායක ටී.එම්. ඩිල්ශාන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

පුනරුත්ථාපන අභ්‍යාසලාභීන් හා අමාත්‍යාංශ නිලධාරීන් අද ක්‍රිකට් පිටියේ

පුනරුත්ථාපන අභ්‍යාසලාභීන්ගේ හා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශ නිලධාරීන් අතර ක‍්‍රිකට් තරගයක් අද (05) විෂයභාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුව මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තායිලන්ත රජ පවුලේ සාමාජිකයින් ඇතුළු දූත පිරිසක් ජනපති හමු වෙති

royal thai family84 හැවිරිදි තායිලන්ත රජතුමා වෙත ආශිර්වාද ලබා ගැනීමේ පිංකමක් සඳහා මහනුවර ශ‍්‍රී දළඳා මාලිගාව වෙත පසුගියදා පැමිණි තායිලන්ත රජ පවුලේ සාමාජිකයින් ඇතුළු දූත පිරිසක් අද (01) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමු වූහ.

Leave a comment