- Details
- Created on Thursday, 03 November 2011 22:19
- Hits: 13
තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අබුඩාබිහි දී පැවති පළමු තරගය ජයපරාජයෙන් තොර ව අවසන් වූයේ එහි සියලු ගෞරවයන් පකිස්තාන පිල අත්කර ගනිමිනි. දෙවන තරගය ඩුබායිහි දී පැවැති අතර එය කඩුලු 9කින් ජය ගැනීමට පකිස්තානය සමත්විය. අවසන් තරගය අද ආරම්භ වූයේ සාජාහි දී ය.
1- 0 ලෙසින් පවතින තරගාවලියේ ප්‍රතිඵල 1 - 1 ලෙස ජයපරාජයෙන් තොර ව නිම කරගැනීමේ අභියෝගය ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තිබේ. එය 2 - 0 ලෙස අවසන් කරගෙන තරගාවලියේ ජයග්‍රහණය ලබන්නට පකිස්තානය සියලු උත්සාහයන් දරන බව නොරහසකි.
තත්ත්වය එසේ වුවත් අද තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පිල සාර්ථක ඉනිමක් ගොඩනඟමින් සිටින බව පෙනේ.
පසුගිය තරග රැසක දී ම ලකුණු අතරට ඒමට අපොහොසත් වූ නායක ඩිල්ශාන් අද ලකුණු 92ක් රැස්කර ගත් අතර කුමාර් සංගක්කාර හතරේ පහර 11ක් හා හයේ පහර දෙකක් සමඟින් සිය 27 වන ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 112ක් ලබා සිටී. මහේල ජයවර්ධන ද ලකුණු 32ක් ලබාගෙන නොදැවී සිටී.
ටෙස්ට් තරග 103ක දී ලකුණු 9000 ඉක්මවමින් කුමාර් සංගක්කාර අද වාර්තාවක් ද පිහිටෙව්වේ ය. මේ තරගාවලියේ දී සංගක්කාර රැස්කර ඇති ලකුණු ගණන 433කි.
අද තරගය නිමා වූයේ කඩුලු 2කට ලකුණු 245ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිමට ස්ථාවරත්වයක් ගොඩනඟා ගනිමිනි.




0 comments:
Post a Comment