Saturday, April 27, 2013
Pepsi IPL 2013
Pepsi IPL 2013 තරගාවලියේ තවත් තරගයක් සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර පැවැත්වුණි.මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6 කට ලකුණු 159 ක් ලබා ගන්නා ලදී.ලකුණු 160 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 19.4 අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 160 ක් ලබා තරගය ජයග්‍රහණය කළහ.
මේ වන විට සමස්ථ ලකුණු සටහනේ පෙරමුන ගෙන සිටින්නේ තරග 6 ක් ජයග්‍රහණය කළ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩයමයි.තරග 6 ක් ජයග්‍රහණය කළ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ තරග 5 ක් ජයග්‍රහණය කළ සන් රයිසස් හයිද්‍රාබාද් පිළ ලකුණු සටහනේ පිළිවෙලින් 2 වන හා 3 න් වන ස්ථාන වල පසුවේ.මෙම තරගාවලියේ මීලඟ තරගය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ කින්ග්ස් 11 පන්ජාබ් කණ්ඩායම අතර අද(26) පස්වරු 8 ට පැවැත්වේ.
Sunday, November 6, 2011
පොදු රාජ්‍ය මණ්ඩලීය 23 වැනි රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ
22 වැනි රාජ්‍ය නායක සමුළුව සාර්ථක ව නිමාවේ
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන සංකීර්ණ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය 22 වැනි රාජ්‍ය නායක සමුළුව අද (30) සාර්ථක ව නිමාවට පත් වූ අතර මීළඟ සමුළුව 2013 දී ශ්රී ලංකාවේ පැවැත්වීමට එහි දී යළිත් ප්‍රතිඥා දෙනු ලැබීය.
2013 දී ශ්රී ලංකාවේ දීත් 2015 දී මෞරිෂියස් රාජ්‍යයේ දීත් පැවැත්වීමටත් 2019 දී මැලේසියාවේ පවත්වන ලෙස කරන ලද ඉල්ලීම සලකා බැලීමටත් තීරණය කර ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයා ලෙස 2012 සිට තවත් සිවුවසරකට යළිත් කමලේෂ් ෂර්මා මහතාව ම යළි පත් කර ගැනිණි.
ජාතික හා ගෝලීය යළි පිබිදීම තේමා කර ගනිමින් මෙවර රාජ්‍ය නායක සමුළුව පසුගිය 28 වන දා පෙරවරුවේ බටහිර ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර සම්මේලන හා ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ වූයේ බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජණගේ ප‍්‍රධානත්වයෙනි.
දින තුනක් පුරා විවිධ තේමාවන් සාකච්ඡා කිරීමට රැස් වූ රටවල් 54ක රාජ්‍ය නායකයෝ අද 22 වැනි සමුළුව නිමා කළ සමාප්ත උත්සවයට එක් ව සිටියහ.
සාමාජික රටවල අවශ්‍යතාවන් පදනම් කර ගනිමින් වඩාත් ඵලදායී ආයතනයක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීමට මෙම සමුළුවේ දී එකඟ වී තිබේ.
ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ජූලියා ගිලාඩ් මැතිනිය අවසන් සැසිවාරය අමතන අන්දම සහ එයට එක් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඡායාරූපවල දැක්වේ.
Hc / Pix:Sudath Silva
Saturday, November 5, 2011
යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලිය
පසුගිය 02 වැනි දා ආරම්භ වූ තරගාවලියේ අවසන් තරග අද පැවැත්වුණු අතර යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා අද ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.
ත්‍යාග ප්‍රදානෝත්සවය අවසානයේ සමාප්ති උළෙල ඇමතූ යුද හමුදාපති ලුතිතන් ජනරාල් ජයසූරිය මහතා; රෙජිමේන්තුවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික හා කායික හැකියාවන් ද දක්ෂතාවන් ද වර්ධනය කිරීමත් රෙජිමේන්තු අතර සුහදත්වය වර්ධනය කිරීමත් මෙම ක්‍රීඩා තරගාවලියේ අරමුණ බව පැවසීය.
2018 දී මෙරට පවත්වනු ලබන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉලක්ක කර පුහුණුවීම්වල යෙදීමටත් එමඟින් දක්ෂතාවන් දැක්වීමට සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අධිෂ්ටාන කරගත යුතු බව ද හමුදාපතිවරයා එහිදී පැවසීය.
ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව්වලින් රන් රිදී ලෝකඩ පදක්කම් දිනාගෙන ශ්‍රී ලංකා යුද හමුදාව බබලවන ලෙස ද ඉල්ලා සිටියේ ය.
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා ද මේජර් ජෙනරල් ආර්.එම්.බී. රත්නායක මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් අද උත්සවයට සහභාගී වී සිටියහ.
විචිත්‍ර ජිම්නාස්ටික් සංදර්ශනයකින් ද ආචාර පෙළපාලියකින් ද උළෙල සමන්විත විණි.
තරග 26ක අවසන් තරග අද පැවැත්වුණු අතර එම තරගවලින් ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග හා කුසලාන පිරිනැමීම අද සිදු කෙරිණි.
තරගාවලියේ ජයග්‍රාහී රෙජිමේන්තුව ලෙස කුසලාන දිනාගත්තේ ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවයි. ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ 2වන බල ඇණිය ජයග්‍රාහී කාන්තා රෙජිමේන්තුව ලෙස කුසලාන ලැබීය.
Hc/pix: PD Ranjith
“ශ‍්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටින්නේ ඔබ හමු වීමටයි”
දශක ගණනාවකට පසු ව ආර්ථික පුනරුදය, සාමය හා ශාන්තිය උදාකර ගෙන සිටින මගේ රට හා මගේ ජනතාව 2013 දී ඔබ සාදරයෙන් පිළිගැනීමට පුල පුලා බලා සිටින්නේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ සමුළුව ආසියාතික රටක පවත්වන්නට නියමිත ව ඇත්තේ අවුරුදු 22කට පසුව යැයි ද අවසාන වරට පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සත්කාරක රට වශයෙන් කටයුතු කළ ආසියාතික රට මැලේසියාව යැයි ද ඔක්තෝබර් (30) පර්ත් හි දී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවේ අවසාන සැසිය ඇමතූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා 2013 දී ශ්රී ලංකාවේ දී පැවැත්වෙන රාජ්‍ය නායකයින්ගේ සමුළුවට ආරාධනා කරමින් සඳහන් කළේය.
”අප කෙරෙහි පොදුවේ බලපාන ප‍්‍රශ්න සාකච්ඡා කොට විසඳුම් ලබා ගැනීම සඳහා එක්වන ඔබ සාදරයෙන් පිළිගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලයේ ජනගහනයෙන් 2/3ක් නියෝජනය කරන ආසියාතික කලාපයේ රාජ්‍ය නායකයින් 2013 වසරේ දී මා මෙන් ම ශ‍්‍රී ලංකා ජනතාව සමඟ අත්වැල් බැඳගනු ඇතැයි” මෙහි දී ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.
2011 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවේ අවසාන සැසිය අමතා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කරන ලද සම්පූර්ණ කතාව පහත දැක්වේ.
සභාපතිතුමියනි,
සම්භාවනීය අමුත්තනි,
2013 දී පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරක රට වශයෙන් කටයුතු කිරීමට ශ‍්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පෝර්ට් ඔෆ් ස්පේන් හි දී රාජ්‍ය නායකයින් විසින් පිළිගනු ලැබූ අතර, පර්ත් හි දී ඔබ විසින් එය සනාථ කරන ලදී. මෙය ශ‍්‍රී ලංකාවට හිමිවන ගෞරවයක් වන අතර, කොළඹ දී පැවැත්වෙන ඊළඟ සමුළුවේ දී ඔබ හැම සාදරයෙන් පිළිගැනීමට අපි පුල පුලා බලා සිටිමු. ශ‍්‍රී ලංකාවේ දී සමුළුව පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු අප විසින් දැනටමත් ආරම්භ කොට ඇත්තෙමු.
තවදුරටත් කතා කිරීමට පෙර පොදු රාජ්‍ය මණ්ඩලයීය 2011 මහ සමුළුව පැවැත්වීම සඳහා ඉතා ඉහළින් සංවිධාන කටයුතු කිරීම ගැන ඕස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍ය ගරු ජූලියා ගිලාඩ් මැතිනිය වෙත ස්තුතිය පුද කිරීම මගේ යුතුකමක් සේ සලකමි.
අප වෙත දැක් වූ සත්කාරය ගැන ඕස්ටේ‍්‍රලියා රජයටත්, ජනතාවටත් මම ස්තුතිවන්ත වෙමි. තව ද, මෙම මහ සමුළුව පැවැත්වීමෙන් ඕස්ටේ‍්‍රලියාව ලබාගත් අත්දැකීම් අපට ද ප‍්‍රයෝජනවත් වන බව පවසනු කැමැත්තෙමි.
මෙම මහා සමුළුව සාර්ථක කිරීමට මහ ලේකම්වරයා සහ ඔහුගේ නිලධාරී මඬුල්ල ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙමි.
සම්භාවනීය අමුත්තනි.
පෙර අපර දෙදිග අතර සම්බන්ධතාවල දී ඉපැරණි යුගයේ සිට ම මගේ රට වන ශ‍්‍රී ලංකාවට මුල් තැනක් ලබා දීමට හේතු වූ ලෝ පතළ අපේ වෙරළ ගැන අපට ආඩම්බර විය හැකිය.
”සිලොන් ටී” යනුවෙන් ලොව පුරා සුප‍්‍රසිද්ධ පානය නිපදවන තේ වගාව ඇති මනහර කඳු ද ඒ අතර වේ. ඔබ විස්මයට පත් කරවන විවිධත්වයකින් යුතු ගහකොළ සහ සතා සිව්පාවා සහ වන ජීවීන්ගෙන් පොහොසත් වනෝද්‍යාන ද අප දිවයින සතුය. අපේ රටේ සංස්කෘතික දායාදයන් ඓතිහාසික ස්ථාන ලෝක උරුමයන් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් පිළිගනු ලැබ ඇත.
මුලසුන හොබවන මැතිනියනි,
1931 සිට සර්වජන ඡන්දය හිමි ජනතාවක් වෙසෙන ශ‍්‍රී ලංකාව ආසියාවේ ක‍්‍රියාකාරී ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවලින් එකක් වන අතර, එහි වාර්තාගත ඉතිහාසය වසර 2500කට අධිකය.
ලෝකයේ කෲරතම ත‍්‍රස්තවාදී සංවිධානය විසින් ක‍්‍රියාත්මක කරන ලද ප‍්‍රචණ්ඩ ත‍්‍රස්තවාදයෙන් වසර 30ක් තිස්සේ අපි පීඩාවට පත්ව සිටියෙමු. දැන් ශ‍්‍රී ලංකාව වේගවත් ආර්ථික හා සමාජ සංවර්ධනය සාක්‍ෂාත් කර දෙන මාවතකට පිවිස සුබ අනාගතයකට හිමිකම් කියයි. පසුගිය වසරේ අප 8%ක ශක්තිමත් ආර්ථික වර්ධන වේගයකට හිමිකම් කියූ අතර, කලින් ගැටුම් තිබුණු ප‍්‍රදේශ ද 22%ක වර්ධනයකට හිමිකම් කියයි. අප රටේ වර්තමාන සාමකාමී පරිසරය වඩාත් ශක්තිමත් වී ඇත්තේ දේශපාලන ස්ථාවරභාවය නිසාය. එහි ප‍්‍රතිඵල ලෙස ඍජු විදේශ ආයෝජන ද වැඩි වී ඇත.
මුලසුන හොබවන මැතිනියනි,
මගේ රටේ ආර්ථික වර්ධන වේගය දෙගුණ වන තත්ත්වය හමුවේ ජාත්‍යන්තර ආයතන විසින් අපේ රත‍්‍රං සංචිත දෙවන වසරටත් ඉහළ යවා ඇත. මෙම ජයග‍්‍රහණය අපේ ඉමහත් සතුටට හේතු වී ඇති අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ අපේ මිතුරන් සමඟ එම අත්දැකීම බෙදාහදා ගනු කැමැත්තෙමි. ඒ අනුව කොළඹ වාණිජ ප‍්‍රජාව මෙම නව මානය මඟින් තවත් ශක්තිමත් වනු ඇත. ඒ අතර ආසියානු වාණිජ ප‍්‍රජාව සමඟ ජාලගත වීම, විශේෂයෙන් ම ඵලදායී අංගයක් වනු ඇත.
මුලසුන හොබවන මැතිනියනි,
අතිගරු රාජ්‍ය නායකයිනි,
ආර්ථික සංවර්ධනයේ නියමුවන් ලෙස තමන්ට පහසුකම් සපයා දෙන ලෙස තරුණයන්ගෙන් නැගුණු හඬට අපේ රජය අවධානය යොමු කර ඇත. ඒ අනුව අප රටේ ජනගහනයෙන් 1/4ක් පමණ වන වයස අවුරුදු 35ට අඩු තරුණ ජනතාව සවිබල ගැන්වීමට අප ප‍්‍රමුඛත්වය ලබා දී ඇත.
2008 දී අපි පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුවේ සත්කාරක රටවීමු. කොළඹ දී පැවැත්වීමට නියමිත මී ළඟ මහ සමුළුවේ දී තරුණ සහභාගීත්වය දෙස අපි ආශාවෙන් බලා සිටිමු.
මුලසුන හොබවන මැතිනියනි,
අතිශයින් ම ජවසම්පන්න සිවිල් සමාජයක් ශ‍්‍රී ලංකාව සතු ව ඇත. සාමාජික රටවල් තුළ අප සතු පොදු සාරධර්ම පෝෂණය කිරීමෙහිලා සහ ඒවා වෙත අපේ කැපවීම සහතික කිරීමෙහිලා පොදු රාජ්‍ය මණ්ඩලයේ සිවිල් සමාජ ජාලය ඉතා සාර්ථක මෙවලමක් ලෙස ක‍්‍රියාත්මක වේ.
2013 දී ඔබ සියලු දෙනා කොළඹ දී සාදරයෙන් පිළිගැනීමට අපි බලා සිටිනුයේ ආර්ථික, පුනර්ජීවය, සාමය සහ ශාන්තිය රටපුරා රජයන පසුබිමක් මත ය.
1976 දී සාර්ථක ලෙස පැවැත් වූ නොබැඳි රාජ්‍ය නායක සමුළුවෙන් ලත් අත්දැකීම්වලින් පෝෂණය වී එතැන් පටන් ගෙන ජාත්‍යන්තර සහ කලාපීය මහ සමුළුවල සත්කාරක රට වශයෙන් ක‍්‍රියාකිරීම තුළින් ශ‍්‍රී ලංකාව අත්දැකීම් බහුල සත්කාරක රටක් බවට පත් වී ඇත.
අතිගරු රාජ්‍ය නායකයිනි,
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ආසියාතික රටක පවත්වන්නේ අවුරුදු 22කට පසුවය. මෙම සමුළුව අවසන් වරට ආසියාවේ පැවැත්වූයේ මැලේසියාවේ දී ය. අප සියලු දෙනා සාමූහික ව උනන්දු වන සියලු ගැටලු ගැන සාකච්ඡා කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලයේ 2/3කට වඩා සාමාජිකයින් සිටින අප කලාපයට 2013 වසරේ දී පැමිණෙන ඔබ සියලු දෙනා පිළිගැනීමට අපේ ආසියානු මිතුරන් අප හා එක්වන බවට අපට සැකයක් නැත.
ස්තූතියි !
අනාගතයේ රට භාරගන්න නම් බොහෝ දෙයින් පරිපූර්ණ විය යුතුයි - ජනපති
කොළඹ, විශාඛා විද්‍යාලයේ 2010 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (04) එක් වෙමින් ජනාධිපතිතුමා මෙසේ ද පැවසීය. ‘ජනමාධ්‍ය ඇසුරු කරන්න ඕනෑ. එහෙත් ඒවායේ පෙන්වන ජීවිතය අනුකරණය කරන්න යන්න එපා. ඝන දේවල් බර දේවල් වටිනා දේවල් ලෙහෙසියෙන් උඩ යන්නේ නැහැ. උඩ යන පෙන බෝල වැඩි වේලාවක් පවතින්නේ නෑ. එක රැයෙන් තරුවක් වෙලා ලෝකය එළිය කරන්න සැබෑ ලෝකයේ බැහැ. එක රැයෙන් තරු පායන්නේ රූපවාහිනී චැනල්වල විතරයි. විශ්වයේ තරු හැදිලා අහස එළිය කරන්න වසර දහස් ගණනක් යනවා. මේ සත්‍ය කල් නොපමා ව තේරුම් ගන්න මේ දුවලාට පුළුවන් වෙන්න ඕනෑ.’
‘බුදුරජාණන් වහන්සේ විශාඛාවන්ට දුන් අවවාදය ‘ගෙදර ගිනි පිටත නොදෙන්න. පිටත ගිනි ගෙදරට නො ගන්න.’ යන්නයි. එහි වැදගත්කම සෑම දියණියකට මෙන් ම රටක් ලෙස අනෙක් පුරවැසියන්ටත් අදාළ වෙනවා.’
‘ඔබ දන්නවා ඇති යුරෝපා රටවල බටහිර නායකයන් පුසිද්ධියේ කියන කාරණා බැලුව ම අපේ රට බටහිර රටවලට වඩා ඉදිරියෙන් සිටින බව. බටහිර රටවල ඉන්න කොට අපේ රටේ බුද්ධිමත් ලාංකිකයෝ තමන්ගේ දරුවන්ට හයහතර තේරෙන කොට ලංකාවට අරන් එනවා.
එයින් වැඩි දෙනෙක් මේ විශාකා වගේ ඉස්කෝලවලට තමන්ගේ දුව දාගන්න පොරකනවා. පිටරටවල ඉගෙන ගන්න කොපමණ පහසුකම් තිබුණත් තමන්ගෙ දුවලාව හයහතර තේරෙන කොට ලංකාවට ගේන්නේ ඇයි?’
‘ඉතා ඉහළින් ම විභාග සමත්වෙලා උගත්කම විතරක් තිබුණට මදි. දුවෙකුට ඊට වඩා ඉදිරියට ගිය ශ්‍රේෂ්ඨ චරිතවත් බවක් තියෙන්න ඕනෑ. ඒ චරිතවත් බව ගොඩනඟන්න ඕනෑ සමාජ සංස්කෘතික ඓතිහාසික පදනම තවමත් අපේ රටේ තියෙනවා. මේ සම්ප්‍රදාය, මේ පදනම රැකගන්න එක මේ දුවලගේ වගකීමක්. අපේ සිරිත් විරිත් ආචාර ධර්ම රැකගෙන ඒවා තවත් පෝෂණය කරන එක තමයි දුවලගේ වගකීම. මේ රටේ හොඳ නම කිළිටි නොකර තබා ගැනීමේ වගකීම තියෙන්නේ දුවලාට. ලෝකයේ කොහේ ගියත් ඔබ ලංකාවේ කුල කුමරියක් බව ලෝකයට දැනෙන විදිහට ඔබගේ චරිතය ගොඩනඟාගන්න ඕනෑ.’
‘මතක තියාගන්න අපේ රට සිතන පතන විදිහක් තියෙනවා. ලෝකයේ බොහෝ අය හිතන විදියට නොවෙයි අපි හිතුවේ.’
‘තරුණකමත් පෙනුමත් වැඩි කල් පවතින්නේ නෑ. ඒත් හොඳ නම, හොඳ චරිතය හැමදාමත් පවතිනවා. ඒ නිසා තම තමන්ගේ හැඟීම් පාලනය කරගන්න, තම තමන්ගේ ආවේගයන් මැඬපවත්වා ගන්න, පුංචි කාලේ ඉඳල ම පුළුවන්කම තියෙන්න ඕනෑ. එහෙම අයට විතරයි සදා බැබලෙන්න පුළුවන්’ යැයි ජනාධිපතිතුමා සඳහන් කළේ ය.
තිළිණ, කුසලාන සහ සහතිකපත්‍ර ප්‍රදානයන් ජනාධිපතිතුමන් අතින් ද සිදුවූ අතර වසරේ සෑම අංශයකින් ම හොඳ ම ශිෂ්‍යාව වූ යසසි තරින්ද්‍රා පෙරේරා ශිෂ්‍යාව ජනාධිපතිතුමන් අතින් කුසලානය හා සහතිකපත්‍රය ලබාගත් අවස්ථාව ඉහත දැක්වේ.
විදුහලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණු මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ විශාඛා විද්‍යාලයාධිපතිනි සඳමාලි අරුවිප්පල මහත්මිය, නියෝජ්‍ය විදුහල්පති සුජාතා දේවේන්ද්‍ර මහත්මිය හා විදුහලේ ආචාර්ය මණ්ඩලය ද පාසල් ශිෂ්‍යාවන්, දෙමාපියන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
Hc/NP_PMU
පොලොන්නරුව යටිතල පහසුකම් නැංවීමට මිලියන 240ක්
පොලොන්නරුව දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ එම්.එස්. බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ දැනටමත් රු. මිලියන 130ක් වැය කර ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කොට ඇති බවයි.
තමන්කඩුව, දිඹුලාගල, වැලිකන්ද, මැදිරිගිරිය, ලංකාපුර, හිඟුරක්ගොඩ හා ඇළහැර යන හානියට පත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ යටිතල පහසුකම් ව්‍යාපෘති 810ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉන් 658ක වැඩ මේ වන විට අවසන් කර ඇත.
ග්‍රාමීය මාර්ග, සුළු වාරිමාර්ග, වැව් අමුණු හා කුඹුරු ඉඩම් යථාවත් කිරීම ඇතුළු සියලු ම ව්‍යාපෘති මේ වසර තුළ අවසන් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මීගමුවේ සිට කොළඹට මොනෝරේල් සේවාවක්
මෙහිදී විද්‍යුත් කාන්දම් බලය උපයෝගී කරගනිමින් දුම්රිය ධාවනය වන අතර දුම්රිය මාර්ගය ඉහළින් පිහිටයි.
මේ වන විට මේ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව රජයේ නිල පුවත් වෙබ් අඩවියට සඳහන් කළේය.
Subscribe to:
Posts (Atom)




