/* Blogger Zoom Gallery By saamgeadaviya.blogspot.com ul.thumb { float: left; list-style: none; margin: 0; padding: 10px; width: 360px; } ul.thumb li { margin: 0; padding: 5px; float: left; position: relative; /* Set the absolute positioning base coordinate */ width: 110px; height: 110px; } ul.thumb li img { width: 100px; height: 100px; /* Set the small thumbnail size */ -ms-interpolation-mode: bicubic; /* IE Fix for Bicubic Scaling */ border: 1px solid #ddd; padding: 5px; background: #f0f0f0; position: absolute; left: 0; top: 0; } ul.thumb li img.hover { background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDkxtQp1fMxbQbQJP3ZWmTCBKj-0wr9EeMR7SktoI5CGL09rmD-_jHXAKOJt0rYv3Tj06gEKX9obNAgDC6vnbRN1e1FJHkjh0En3NcLoyy-ZvS8TWJ3XDLD3nTyH_vlNU52Jdu4mUAyFcp/) no-repeat center center; /* Image used as background on hover effect border: none; /* Get rid of border on hover */ }

Saturday, November 5, 2011

යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලිය

48th sla inter regiment games gim48 වැනි ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලිය හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී අද (04) පස්වරුවේ අවසන් විණි.

පසුගිය 02 වැනි දා ආරම්භ වූ තරගාවලියේ අවසන් තරග අද පැවැත්වුණු අතර යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා අද ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.

ත්‍යාග ප්‍රදානෝත්සවය අවසානයේ සමාප්ති උළෙල ඇමතූ යුද හමුදාපති ලුතිතන් ජනරාල් ජයසූරිය මහතා; රෙජිමේන්තුවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික හා කායික හැකියාවන් ද දක්ෂතාවන් ද වර්ධනය කිරීමත් රෙජිමේන්තු අතර සුහදත්වය වර්ධනය කිරීමත් මෙම ක්‍රීඩා තරගාවලියේ අරමුණ බව පැවසීය.

2018 දී මෙරට පවත්වනු ලබන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉලක්ක කර පුහුණුවීම්වල යෙදීමටත් එමඟින් දක්ෂතාවන් දැක්වීමට සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අධිෂ්ටාන කරගත යුතු බව ද හමුදාපතිවරයා එහිදී පැවසීය.

ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව්වලින් රන් රිදී ලෝකඩ පදක්කම් දිනාගෙන ශ්‍රී ලංකා යුද හමුදාව බබලවන ලෙස ද ඉල්ලා සිටියේ ය.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා ද මේජර් ජෙනරල් ආර්.එම්.බී. රත්නායක මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් අද උත්සවයට සහභාගී වී සිටියහ.

විචිත්‍ර ජිම්නාස්ටික් සංදර්ශනයකින් ද ආචාර පෙළපාලියකින් ද උළෙල සමන්විත විණි.

තරග 26ක අවසන් තරග අද පැවැත්වුණු අතර එම තරගවලින් ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග හා කුසලාන පිරිනැමීම අද සිදු කෙරිණි.

තරගාවලියේ ජයග්‍රාහී රෙජිමේන්තුව ලෙස කුසලාන දිනාගත්තේ ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවයි. ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ 2වන බල ඇණිය ජයග්‍රාහී කාන්තා රෙජිමේන්තුව ලෙස කුසලාන ලැබීය.

Hc/pix: PD Ranjith
48th sla inter regiment games
48th sla inter regiment games arty
48th sla inter regiment games wc
48th sla inter regiment games artilary
48th sla inter regiment games 1

0 comments:

Post a Comment

Leave a comment