/* Blogger Zoom Gallery By saamgeadaviya.blogspot.com ul.thumb { float: left; list-style: none; margin: 0; padding: 10px; width: 360px; } ul.thumb li { margin: 0; padding: 5px; float: left; position: relative; /* Set the absolute positioning base coordinate */ width: 110px; height: 110px; } ul.thumb li img { width: 100px; height: 100px; /* Set the small thumbnail size */ -ms-interpolation-mode: bicubic; /* IE Fix for Bicubic Scaling */ border: 1px solid #ddd; padding: 5px; background: #f0f0f0; position: absolute; left: 0; top: 0; } ul.thumb li img.hover { background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDkxtQp1fMxbQbQJP3ZWmTCBKj-0wr9EeMR7SktoI5CGL09rmD-_jHXAKOJt0rYv3Tj06gEKX9obNAgDC6vnbRN1e1FJHkjh0En3NcLoyy-ZvS8TWJ3XDLD3nTyH_vlNU52Jdu4mUAyFcp/) no-repeat center center; /* Image used as background on hover effect border: none; /* Get rid of border on hover */ }

Saturday, November 5, 2011

අනාගතයේ රට භාරගන්න නම් බොහෝ දෙයින් පරිපූර්ණ විය යුතුයි - ජනපති

vishaka prisegivingනවීන ලංකාව කියන්නේ මේ දුවලා මේ රටේ වැඩි කොටසක් භාර ගන්න ශ්‍රී ලංකාවට. ඒ රට භාරගන්න නම් මේ දුවලා බොහෝ දෙයින් පරිපූර්ණ විය යුතු බවත් බොහෝ දේ කියවිය යුතු බවත් සයිබර් අවකාශයේ සැරිසැරිය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේය.

කොළඹ, විශාඛා විද්‍යාලයේ 2010 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (04) එක් වෙමින් ජනාධිපතිතුමා මෙසේ ද පැවසීය. ‘ජනමාධ්‍ය ඇසුරු කරන්න ඕනෑ. එහෙත් ඒවායේ පෙන්වන ජීවිතය අනුකරණය කරන්න යන්න එපා. ඝන දේවල් බර දේවල් වටිනා දේවල් ලෙහෙසියෙන් උඩ යන්නේ නැහැ. උඩ යන පෙන බෝල වැඩි වේලාවක් පවතින්නේ නෑ. එක රැයෙන් තරුවක් වෙලා ලෝකය එළිය කරන්න සැබෑ ලෝකයේ බැහැ. එක රැයෙන් තරු පායන්නේ රූපවාහිනී චැනල්වල විතරයි. විශ්වයේ තරු හැදිලා අහස එළිය කරන්න වසර දහස් ගණනක් යනවා. මේ සත්‍ය කල් නොපමා ව තේරුම් ගන්න මේ දුවලාට පුළුවන් වෙන්න ඕනෑ.’

‘බුදුරජාණන් වහන්සේ විශාඛාවන්ට දුන් අවවාදය ‘ගෙදර ගිනි පිටත නොදෙන්න. පිටත ගිනි ගෙදරට නො ගන්න.’ යන්නයි. එහි වැදගත්කම සෑම දියණියකට මෙන් ම රටක් ලෙස අනෙක් පුරවැසියන්ටත් අදාළ වෙනවා.’

‘ඔබ දන්නවා ඇති යුරෝපා රටවල බටහිර නායකයන් පුසිද්ධියේ කියන කාරණා බැලුව ම අපේ රට බටහිර රටවලට වඩා ඉදිරියෙන් සිටින බව. බටහිර රටවල ඉන්න කොට අපේ රටේ බුද්ධිමත් ලාංකිකයෝ තමන්ගේ දරුවන්ට හයහතර තේරෙන කොට ලංකාවට අරන් එනවා.

එයින් වැඩි දෙනෙක් මේ විශාකා වගේ ඉස්කෝලවලට තමන්ගේ දුව දාගන්න පොරකනවා. පිටරටවල ඉගෙන ගන්න කොපමණ පහසුකම් තිබුණත් තමන්ගෙ දුවලාව හයහතර තේරෙන කොට ලංකාවට ගේන්නේ ඇයි?’

‘ඉතා ඉහළින් ම විභාග සමත්වෙලා උගත්කම විතරක් තිබුණට මදි. දුවෙකුට ඊට වඩා ඉදිරියට ගිය ශ්‍රේෂ්ඨ චරිතවත් බවක් තියෙන්න ඕනෑ. ඒ චරිතවත් බව ගොඩනඟන්න ඕනෑ සමාජ සංස්කෘතික ඓතිහාසික පදනම තවමත් අපේ රටේ තියෙනවා. මේ සම්ප්‍රදාය, මේ පදනම රැකගන්න එක මේ දුවලගේ වගකීමක්. අපේ සිරිත් විරිත් ආචාර ධර්ම රැකගෙන ඒවා තවත් පෝෂණය කරන එක තමයි දුවලගේ වගකීම. මේ රටේ හොඳ නම කිළිටි නොකර තබා ගැනීමේ වගකීම තියෙන්නේ දුවලාට. ලෝකයේ කොහේ ගියත් ඔබ ලංකාවේ කුල කුමරියක් බව ලෝකයට දැනෙන විදිහට ඔබගේ චරිතය ගොඩනඟාගන්න ඕනෑ.’

‘මතක තියාගන්න අපේ රට සිතන පතන විදිහක් තියෙනවා. ලෝකයේ බොහෝ අය හිතන විදියට නොවෙයි අපි හිතුවේ.’

‘තරුණකමත් පෙනුමත් වැඩි කල් පවතින්නේ නෑ. ඒත් හොඳ නම, හොඳ චරිතය හැමදාමත් පවතිනවා. ඒ නිසා තම තමන්ගේ හැඟීම් පාලනය කරගන්න, තම තමන්ගේ ආවේගයන් මැඬපවත්වා ගන්න, පුංචි කාලේ ඉඳල ම පුළුවන්කම තියෙන්න ඕනෑ. එහෙම අයට විතරයි සදා බැබලෙන්න පුළුවන්’ යැයි ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

තිළිණ, කුසලාන සහ සහතිකපත්‍ර ප්‍රදානයන් ජනාධිපතිතුමන් අතින් ද සිදුවූ අතර වසරේ සෑම අංශයකින් ම හොඳ ම ශිෂ්‍යාව වූ යසසි තරින්ද්‍රා පෙරේරා ශිෂ්‍යාව ජනාධිපතිතුමන් අතින් කුසලානය හා සහතිකපත්‍රය ලබාගත් අවස්ථාව ඉහත දැක්වේ.

විදුහලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණු මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ විශාඛා විද්‍යාලයාධිපතිනි සඳමාලි අරුවිප්පල මහත්මිය, නියෝජ්‍ය විදුහල්පති සුජාතා දේවේන්ද්‍ර මහත්මිය හා විදුහලේ ආචාර්ය මණ්ඩලය ද පාසල් ශිෂ්‍යාවන්, දෙමාපියන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

Hc/NP_PMU
vishaka prizegiving spch
vishaka prizegiving 4
vishaka prizegiving 2
vishaka prizegiving 3

0 comments:

Post a Comment

Leave a comment